හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාර් ලයිසන් දුන්න ද එම බාර්වලින් ජනතාව බිව් අරක්කු සඳහා බදු අය කර ගැනීමට කටයුතු කර නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිව්වා අවුරුද්දකට බාර් ලයිසන් 250ක් 300ක් දීලා ඒකෙන් ලැබෙන බදුවලින් අමද්‍යප ව්‍යාපාරය ශක්තිමත් කරන්න බලාපොරොත්තුව තිබ්බේ කියලා. මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන පුද්ගලයෙක් මේ ආකාරයට ඉතා ම උපහාසයෙන් යුතුව අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නෑ.
බාර් ලයිසන් දෙන එක නෙමෙයි වැඩේ. ඒ බාර් ලයිසන් දීලා ඒ විකුණන අරක්කුවලට ජනතාව ගෙවන බදු මුදල් එකුත් කරගන්නවත් රනිල් වික්‍රමසිංහලා කටයුතු කරලා තිබුණේ නෑ. උදාහරණයක් ලෙස ඇලෝසියස්ට අයිති සමාගම් තුනේ ඔවුන්ගේ හිඟ බදු සහ අධිභාරය තියෙනවා 2022 ඉදන්. බාර් ලයිසන් දෙන්න තීන්දු ගන්නකොට නොගෙවූ බදු එකතු කරන්නත් තීන්දුව ගන්න තිබුණා.
මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු තියෙනවා බිලියන 7කට ආසන්න ප්‍රමාණයක්. අපි කටයුතු කරන්නේ එම බදු අයකර ගන්න. අපට පනතෙන් බලය තිබුණා නම් ඒ හිඟ බදු වෙනුවට, ඔවුන්ගේ දේපොළ රජයට අත්පත් කරගන්න…ඒකත් රජය කරනවා.
රනිල් වික්‍රමසිංහට කියන්න කැමතියි මේ රටේ බාර් වවන වෙලාවේ පොල් වැව්වා නම්, රටේ වී ගබඩා ටික හැදුවා නම් අද මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ”.
0 Comments