ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසිලිදායක පුවතක්! Gerald Coetzeeට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි!


දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ජෙරල්ඩ් කෝට්සේ (Gerald Coetzee) ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඔහුට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වනු ඇති.

එමෙන්ම පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරගාවලියට කෝට්සේ ක්‍රීඩා නොකරනු ඇති බවටයි, ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඔහුට ආදේශකයක් ලෙස Kwena Maphaka කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී ඉනිම් ද්විත්වය තුළදීම කඩුලු 2 බැගින් බිඳ හෙලීමට ඔහු සමත් විය.

Post a Comment

0 Comments