දියගම ක්‍රීඩාංගනයෙන් ‘මහින්ද රාජපක්ෂ’ නම ඉවත් කරනවා.. පුද්ගලික ආයෝජන කැදවා සංවර්ධනය කරනවා..


හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කරයි.

එම ක්‍රීඩා සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවක් ඔහු පැවසුනේ මෙය ඉදිකිරීම සඳහා විශාල වශයෙන් මුදල් නාස්ති කර ඇති බවත් අද වන විට එම සංකීර්ණය දැඩි ලෙස අබලන් තත්ත්වය පවතින බවත්ය.

එනිසා පෞද්ගලික අංශයේ ආයෝජකයන් හා එක්ව ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බැවින් මහින්ද රාජපක්ෂ නමින් කිසිදු ආයෝජකයකු එය පවත්වාගෙන යාමට මුදල් ආයෝජනය නොකරනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එනිසා එම නම ඉවත් කිරීමට සිදුවුණු ඇති බවත් හෙතෙම කියා සිටයි.

මෙය ඉදිකිරීමේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන්ද විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කරන ලදී.

Post a Comment

0 Comments