කෝලි සෙල්ලම් කරනවා බලන්න ප්‍රේක්ෂකයින් දස දහස් ගණනක් රැස්වෙයි.

 


ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි 12 වසරකට පසු යළි රන්ජි කුසලාන තරගයකට පිවිස තිබෙනවා.

ඒ අද (30) ආරම්භ වූ දිල්ලි සහ දුම්රිය කණ්ඩායම් අතර තරගයේදීයි.

මෙම තරගය නැරඹීම සඳහා අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයට ක්‍රීඩාලෝලීන් දහස් ගණනක් එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තරගය ආරම්භයේදී ක්‍රීඩාලෝලීන් 6,000කට අසුන්ගත හැකි ‘ගෞතම් ගාම්භීර්’ මණ්ඩපය විවෘත කිරීමට ක්‍රීඩාංගණ බලධාරීන් කටයුතු කර ඇති අතර පිරිස දිගින් දිගටම වැඩිවීම හේතුවෙන් ක්‍රීඩාලෝලීන් 11,000ක පමණ පිරිසකට අසුන්ගත හැකි ‘බිෂාන් සිං බේඩි’ මණ්ඩපය ද විවෘත කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෝලි අවසන් වරට රන්ජි කුසලානයේ තරගයකට සහභාගී වී තිබෙන්නේ 2012 වර්ෂයේදීයි.

ඔස්ට්‍රේලියාවට හමුවේ ලද දරුණු පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සියලුම ක්‍රීඩකයින්ට දේශීය තරගවලට සහභාගී වීම අනිවාර්ය කිරීමට පියවර ගත්තා.


Post a Comment

0 Comments