නීති විරෝධී ආකාරයට මෙරටට ආනයනය කරන ලද බහාලුම් ප්‍රමාණයක් රේගුවේදී විවෘත කළ බැලූ අවස්ථාවේ එහි ප්‍රසිද්ධ සමාගමක ලේබල් අලවා තිබී ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
නමුත් එම බහලූම් මෙරටට ආනයනය කරන ලද්දේ කවුරුන් විසින් දැයි සදහනක් රේගුව සතුව නොමැති බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
ජනතාව ද ආකල්පමය වශයෙන් වෙනස් යුතු බවත් කී ඔහු වර්තමාන දේශපාලන අධිකාරිය එම යහපත් ගුණාංගය ගෙන ඇවිත් ඇති බවද කියා සිටියේය.
මිනිසා තුළ පරිවර්තනීය වෙනසක් ඇති නොකර රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බවද පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද පැවසුවේය.
කොළඹ ශැංග‍්‍රිලා හෝටලයේ පැවති ආර්ථික සමුළුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
0 Comments