මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගනී…


පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර මන්ත්‍රීවරයා විසින් 2025 ජනවාරී 20 වනදා අනුරාධපුර රඹෑව පොලිස් වසමේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු විය.

අනුරාධපුර පොලීසිය සහ රඹෑව පොලීසිය මගින් අදාල සිදුවීම පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට තිබුණි.

ඉන් අනතුරුව අනුරාධපුර අධිකරණ නියෝගයකට අනුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා යාපනයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තමන් අත්අඩංගුවට ගන්නේනම් මාංචු දමා රැගෙන යන ලෙසට පොලීසියට පැවසීමෙන් අනතුරුව පොලීසිය විසින් මන්ත්‍රීවරයාට මාංචු දමා අත්අඩංගුවට ගත් අතර මන්ත්‍රීවරයා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවට අනුරාධපුර පොලීසිය වැඩිදුරටත් පැවසීය.


Post a Comment

0 Comments