අවිවාහක ගුරුවරියක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ.


 කඹුරුපිටියේ දී කාන්තාවක් අද (31) අළුයම 3.30ට පමණ ඝාතනයට ලක්ව තිබේ. 

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිහියකින් හා යකඩ මල් පෝච්චියකින් සිදු කළ පහරදීමකින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 34 වන වියේ පසු වූ අවිවාහක කාන්තාවකි.

ඇය ගුරුවරියක් බව සඳහන්. 

ඇගේ ඝාතනය කවුරුන් විසින් සිදුකර ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනයට සැකපිට ඇගේ වැඩිමහල් සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙම ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව තමන් විසින් මෙම ඝාතනය කළ බවට සැකකාර පුතාට සහ පොලීසියට ලියන ලද ලිපියක් මරණකාරිය වැටී සිටින නිවසේ සාලයේ මේසයක් මත තිබී සොයාගෙන තිබේ.

කඹුරුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


Post a Comment

0 Comments