අජාසත් පුතෙක් පිළිබඳ පුවතක්! 20 හැවිරිදි පුතු නිදා සිටි පියාට පිහියෙන් ඇන මරා දමලා!

 


උඩප්පුව ‌ පොලිස් වසමේ පෙරියකොළණිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු අසනීපයක් තත්ත්වයක් හේතුවෙන් උඩප්පුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බවට උඩප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 63 ක් වූ ආඩිමුනේ, උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පරික්‍ෂා කළ අධිකරණ වෛද්‍යවරයා මෙය සැකකටයුතු මරණයක් බැවින් මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවට දැනුම් දී ඇත.

ඒ අනුව සිදුකළ වැඩිදුර විර්මශනයේදී, මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, මරණකරුගේ පුතා විසින් මරණකරු නිදා සිටියදී පපු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බව විර්මශනයේදී ආනාවරණය වී ඇත.

මරණකරුගේ පුතා මන්ද මානසික තැනැත්තෙකු බවත්, ඔහුට ප්‍රතිකාර ලබාගැනීමට පියා එදින යාමට නොපැමිණිම හේතුවෙන් අමනාප වී මෙලෙස පිහියෙන් ඇන ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධය සිදුකල සැකකරු වන වයස අවුරුදු 20 ක් වන මන්ද මානසික පුතා අත්අඩංගුවට ගෙන ඇත. උඩප්පුව පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

Post a Comment

0 Comments