ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන තිබිය දීත් ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 9කට මුදලක් වාරික වශයෙන් ගෙවා ඇති බව ඊයේ(25) පාලරීමේන්තුවේ දී අනාවරණය වුණා.
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචායර් හෂර්ණ සූරියප්පෙරුම මහතා පාලරීමේන්තුවේ දී මේ ගැන අදහස් පළ කළා.
මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව ඇති සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 22ක් බවයි.
දැනට ප්‍රධාන ගුවන් සේවයට අදාළව සේවකයින් 3194ක් සහ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවකයින් 2862ක් සේවය කරන බවද ඒ මහතා පැවසුවා.
ඔහු කියා සිටියේ ගුවන් සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් ලබන වසරේ සිට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවත් අමාත්‍යාංශය විසින් මෙම සැලසුම් පිළිබඳව විමශර්න කරමින් සිටින බවත්ය.
මේ අනුව ගුවන් සේවය විසින් මෙහෙයුම් ලාභාදායිතාවය හා රජයේ සහයෝගීතාවය මෙම වසර 5 තුළ බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
0 Comments