ඉන්දීය ධීවරයන්ට ලංකා මුහුදට එන්න දෙන්නෑ..- ධීවර ඇමති.

 


ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

ඒ අනුව මෙම ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව විසඳීම සඳහා තමිල්නාඩුව සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුකෙරෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසුවේය.

ගැටුම් මාර්ගයෙන් තොරව මෙරට ධීවරයින්ට බලපා ඇති මෙම ගැටලුව සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

Post a Comment

0 Comments