වාහන ආනයනය කිරීමේදී අමතර බදු වගර් පැනවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එලෙස බදු පැනවීමට හේතුව එකවරම ගෙන්වන වාහන වලට වැඩි ඉල්ලුමක් පැමිණ තෙරපුමක් සිදුවුවහොත් නැවත අබර්දයක් නිමථාණය වියහැකි නිසා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම, මේ වන විට ආනයනය කරන වාහනවල මිල ඉහළ මට්ටමක පවතින්නේ ඩොලරයේ අගය ඉහළ මට්ටමක පැවතීම නිසා බවද ඔහු පවසා සිටියා.
මේ අතර, ආරම්භයේදී වාහන මිල ඉහළ ගියද කාලයක් යනවිට වාහන මිල අඩු කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (01) ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනතා හමුවකට එක්වෙමින්.
0 Comments