ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.

 


සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 49ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙසින් අද (12) පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 215ක පහසු ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33.5කදී  සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 165ක් පමණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 214ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 55ක් තුළ දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූ නමුත් හුදකලා සටනක නිරතවූ නායක චරිත් අසලංක ශ්‍රීලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට කටයුතු කළේය.

එහිදී විශිෂ්ඨ ඉනිමක් දියත් කළ අසලංක හයේ පහර 05ක් සහ හතරේ පහර 14ක් සමඟින් ලකුණු 127ක් වාර්තා කළේය.

Post a Comment

0 Comments