වී මිල සුබ නැකතට අද එලියට.. ගබඩා දෙසීයකට වී ගන්න කෝටි පන්සීයක් ලෑස්තියි..

 


රජය විසින් වී කිලෝවක් මිලදීගන්නා සහතික මිල අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවේ සහතික වී මිල ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා පැවසීය.

වී නිෂ්පාදන වියදමට තවත් සියයට තිහක මුදලක් එකතු කිරීමෙන් මෙම සහතික මිල හඳුන්වා දෙන බවද ඔහු සඳහන් කරයි.

රජය විසින් වී මිලදී ගැනීමට රුපියල් කෝටි පන්සියයක් දැනටමත් වෙන්කර ඇති බවත් රජයේ වී ගබඩා දෙසීයකට වැඩි ප්‍රමාණයක් ඒ සදහා සූදානමින් ඇති බවත් එම තවදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments