මන්ත්‍රී අර්චුනාගේ පිගානෙන් පහර කෑ පුද්ගලයාව සැත්කමකට භාජනය කරයි.


පාලරීමේන්තු මන්ත්‍රී වෛද්‍ය අචනා රාමනාදන් පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා.

ඊයේ (11) රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ඇති වූ බහින්බස් වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මන්ත්‍රීවරයා ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමක් සිදුකරනු ලබන අතර එයට විරෝධය පෑ පුද්ගලයින් දෙදෙනෙකු අතර මෙම බහින්බස්වීම සිදුව ඇති අතර එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා පිඟානකින් එක් අයෙකුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාලරීමේන්තු මන්ත්‍රී වෛද්‍ය අචර්චුනා සඳහන් කළේ, තමන්ට පහරදීමට පැමිණි නිසා තමන්ද පහර දුන් බවයි.

කෙසේවෙතත් මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.


Post a Comment

0 Comments