නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේට අගමැතිනිය සිය අප්‍රසාදය පළ කරයි.


සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීන් රෝහිනි කවිරත්න මහත්මයට පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා විසින් සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අදහස් පල කරයි.

අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඇය මෙසේ පැවසුවාය.

“ඒක සුදුසු නෑ. මම හිටියේ නෑ ඒ අවස්ථාවේ. නමුත් ඒ අවස්ථාවේදීම නලින්ද ජයතිස්ස ඇමතිවරයා වහාම ඒක ප්‍රතික්ෂේප කළා. ඒක නිවැරදි කරන්න මැදිහත් වුණා”.

“අපේ ආණ්ඩුව අපේ පැත්තෙන් වරදක් වුණත් ඒක වෙනස් කරන්න අපි මැදිහත්වෙනවා. එවැනි දේවල් අපි අනුමත කරන්නේ නෑ. නොවිය යුතු දේවල් අපෙන් වෙන්න පුළුවන්”. 

“අපේ කෙනෙක් කියලා වැරදි දේ හරියි කියන්න අපි උත්සාහ කරන්නේ නෑ.

ඊයේ සිද්ධ වෙච්ච දේ එහෙම නොවුණානම් හොඳයි”. 




Post a Comment

0 Comments