ගායන ශිල්පී ඉරාජ් වීරරත්න වැලිකඩ පොලිසියට යයි.


 ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබේ.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව කර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහාය.

දිගින් දිගටම අදාළ පුද්ගලයා විසින් YouTube ඔස්සේ තම දෙමාපියන්ට සහ ස්වාමීන් වහන්සේලාට අගෞරව කරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Post a Comment

0 Comments