අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් බිය ගන්වා දූෂණය කරලා! වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් අරඹයි!

 


අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියක් පෙන්වා අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කර ඇති බව කියන සිද්ධියකට විරෝධය දක්වමින්.

විරෝධයේ නිරත වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් තිබෙනවා.

ඉන්පසු සවස 6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර  පොලීසිය සිදුකරනු ලබනවා.

Post a Comment

0 Comments