දේශබන්දු තෙන්නකෝන්ව දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කරයි.

 


හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලිමකට අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතායි මෙම නියෝගය නිකුත් කළේ.

2023 වසරේදී මාතර වැලිගම හෝටලයක් අසල වෙඩි තැබිමේ සිද්ධියකට අදාලව දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනිමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේ පසුගිය 27 වනදායි.

හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනිම සඳහා ස්ථාන 10 ක් පරික්ෂාවට ලක් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දන්වා සිටියා.

තවත් ස්ථාන 18 ක් සදහා බුද්ධි අංශ නිලධාරින් යොදවා ඇති බවද ඔවුන් දන්වා තිබෙනවා.

ඒ අතුරතුර තමන් අත්අඩංගුවට ගැනිමේ නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් තෙන්නකෝන් මහතා ඊයේ රිට් පෙත්සමක් ගොනුකළ අතර එය හෙට (12) දිනයේදි කැඳවිමට නියමිතයි.

මෙවැනි පසුබිමකයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලිමකට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනිමට විවෘත වරෙන්තු නිකුත් කිරිමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.


Post a Comment

0 Comments