හිටපු ජනපති රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්.


බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබීය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා, උපදෙස් හා යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර ඇති බවයි.

එමෙන්ම කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමට තීරණය කර ඇති බද අමාත්‍යවරයා පැවසීය.

එමගින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ටද චෝදනා එල්ල වී ඇති බව බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේය. 

Post a Comment

0 Comments