දෙවුන්දර ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ‘බිල්ඩර්’ සොයා විමර්ශන

දෙවුන්දර සිදුවූ ද්විත්ව ඝාතනය, විදේශයක සැඟව සිටින දෙහිබාලේ මල්ලී නැමැත්තාගේ සහෝදරයා හා යොමේෂ් නදීෂාන් නැමැති තරුණයා අතර ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බවට අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් මියගිය යොමේෂ් නදීෂාන්ගේ අවසන් කටයුතු ඊයේ(24) පස්වරුවේ සිදුකර තිබෙනවා.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතින අතර අදාළ කාන්තාව වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු බවට සැක කෙරෙන කසුන් හෙවත් බිල්ඩර් නැමැති පුද්ගලයාගේ බිරිඳ වනවා.

අදාළ පුද්ගලයා යුද හමුදාවෙන් පලා ගිය අයෙකු වන අතර ඔහු දෙහිබාලේ මල්ලී නැමැත්තා ලබා දුන් රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත අදාළ ඝාතන සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.


Post a Comment

0 Comments