කුමාර සංගක්කාරගෙන් සුපිරි ශතකයක්! ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්!


 International Masters League ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 9ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම ඊයේ(10) සමත් වුණා.

එම තරගයේදී විශිෂ්ඨ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට නායක කුමාර් සංගක්කාර සමත් වුණා.

එම තරගයේදී විශිෂ්ඨ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට නායක කුමාර් සංගක්කාර සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 146 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 12.5 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළ යාමට සමත් විය.

පන්දු 47කින් කුමාර් සංගක්කාර ලකුණු 106ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 19ක් අන්තර්ගත විය.

Post a Comment

0 Comments