සිරි දළදා වන්දනාව සඳහා වංචනික ලෙස අරමුදල් රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස අස්ගිරි මහා විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා.
ලබන අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත සිරි දළදා වන්දනාව සඳහා අරමුදල් රැස්කිරීමට දායකත්වය ඉල්ලා ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ව්‍යාජ ප්‍රචාර සිදුකරමින් සිටින බවට පසුගියදා අනාවරණය විය.
දළදා මාළිගාව නිවේදනය කළේ එම ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම ව්‍යාජ බවයි.
මේ අතර, සිරි දළදා වන්දනාවට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම පවරා ඇත්තේ රජය, මහනුවර මහනගර සභාව සහ දළදා මාලිගවට බවයි දළදා තේවාව භාර, ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් අවධාරණය කරයි.
ඒ අනුව වෙනත් කිසිඳු පාර්ශ්වයකට සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් කිසිඳු කටයුත්තක් පවරා නොමැති බව ද උන්වහන්සේ පැවසුවා.
එමෙන්ම දළදා දැක්ම සඳහා පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව අධික වුවහොත් දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළේය.
0 Comments