අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද


2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේ විවාදය අද (21) පස්වරුවේ පැවැත්වෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය කතාව පසුගිය මස 17 වැනිදා සිදු කළා.

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත විය.

ඊට පක්ෂය ඡන්ද 155ක් සහ විපක්ෂව ඡන්ද 46 ලැබුණි.

මේ අතර, දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සදහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කර තිබෙනවා.

එම පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ සංශෝධන රහිතවයි.

Post a Comment

0 Comments