වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම් කෙරේ.


වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

වැලිගම, පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී 2023 වසරේ දී සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව පසුගිය 04 වනදා උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකොන්ව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇත්තේ අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවයි.

Post a Comment

0 Comments