අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වු දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
අම්බලන්ගොඩ කරිත්ත කන්ද ගේට්ටුව සහ කන්දෙගොඩ දුම්රිය ස්ථානය අතර 52.5 කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ඇල්පිටිය, ඇල්ල පාර පදිංචිව සිටි වයස අවුරුදු 16ක පාසල් සිසුවෙක්ය.
පොලීසිය සඳහන් කළේ මෙම දරුවා තනියම දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිය ජංගම දුරකථයේ handsfree භාවිතාකරමින් ගමන්කර ඇති බවයි.
එහිදී ඔහුට නලා හඬ නොඇසීම පසුපසින් පැමිණි දුම්රියේ ගැටී මෙම අනතුරට මුහුණපා ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම සිසුවා මෙවර සා. පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව අයෙක්ය.
අම්බලන්ගොඩ පොලීසිය පැවසුවේ පසුගිය සතියේ දී පාසල් දරුවන් දුම්රිය මාර්ගයේ රැදී සිටිම ගැන ලැබුණු තොරතුරු මත අවවාදකිරිමද සිදුකරනු ලැබූ බවයි.
0 Comments