මර්වින් සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්.


හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මත මර්වින් සිල්වාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඊයේ(5) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ හිටපු අමාත්‍ය මවරින් සිල්වා මහතා මහජන සබඳතා පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල වකවානුවේදී කැලණිය ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් කූඨ ලේඛණ සකසා අලෙවි කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මතයි.

Post a Comment

0 Comments