සිරි දළදා වන්දනාව 7 වන දිනයටත්


“සිරි දළදා වන්දනා” 07 වැනි දිනය අදයි.

මේ අතර දළදා වන්දනාව සඳහා පැමිණ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඊයේ (23) රාත්‍රීයේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

සැදැහැවතුන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අද (24) සහ හෙට (25) යන දෙදින “සිරි දළදා වන්දනාව” සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සැදැහැවතුන් ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට “සිරි දළදා වන්දනාව” සඳහා මහනුවර නගරයේ පෝලිම්වල ඒකරාශී වී ඇති බව පොලීසිය පෙන්වා දෙයි.


Post a Comment

0 Comments