ප්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් ඡන්ද කාඩ් පත් 85ක් සමඟින් අත්අඩංගුවට.


සර්ව ජන බලයෙන් පුත්තලම මහ නගර සභාව වෙත තරඟ වදින අපේක්ෂිකාවක් ඡන්ද කාඩ් පත් 85 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ සැකකාරිය සන්තකයේ තිබී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරී නිකුත් කරන ලද ඡන්ද කාඩ් පත් 85ක් සොයා ගත් බවයි.

පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ෂනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ඡන්ද කාඩ් පත් තැපැල්කරු විසින් ඇයට ලබා දී ඇති බවයි.

සැකකාර තැපැල්කරු ප්‍රදේශයේ පළගොස් ඇති බව පොලිසීය පවසයි.

Post a Comment

0 Comments