අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ‘යුනෙස්කෝ’ හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා ඊයේ (31) පිටත්ව ගියාය.
අග්‍රාමාත්‍යවරිය ‘ යුනෙස්කෝ ‘ මූලස්ථානයේදී අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහ ඒ ආශ්‍රිත ජීවන උරුමය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේ සැසිවාරයකට අද (1) සහභාගී වීමට නියමිතය.
ඒ සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් රැසක් එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
යුනෙස්කෝව, ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබේ.
සමුළුවට සමගාමීව, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවීමට ද නියමිතය.
අග්‍රාමාත්‍යවරිය සමග ශ්‍රී ලාංකික දූත පිරිසට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටිනවා.
0 Comments