ඩයගමින් අතුරුදහන් වූ තරුණියගේ සිරුර කොත්මලේ ජලාශයෙන් හමුවෙයි.

 


ඩයගම ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි 21 ක් හැවිරිදි තරුණියගේ සිරුර ඉහළ කොත්මලේ ජලාශයේ තිබී ඊයේ (01) හමුවූ බව තලවකැලේ පොලිසිය පවසනවා.

මෙලෙස හමුවූ මෘත දේහය ඩයගම පොලිස් වසමට අයත් ආගරපතන, පෝමෝර් වතුයායේ පදිංචිව සිටි තරුණියගේ බව පොලිසිය පවසනවා.

එම තරුණිය දින 03ක සිට නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇගේ දෙමව්පියන් විසින් ඩයගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර ඇති දුම්රිය පාලමට ආසන්නයේ නාඳුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් තලවකැලේ පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත පාවෙමින් තිබූ මළසිරුර ගොඩ ගැනීමෙන් පසු ඥාතීන් විසින් එම සිරුර හඳුනාගත් බවයි.

මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ජලාශයේ තිබී ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

Post a Comment

0 Comments