ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බද්ද අයකර ගැනීම ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙතෙක් රුපියල් ලක්ෂයක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ පුද්ගල ආදායම් බද්ද අද දිනයේ සිට රුපියල් 150,000 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්ය.
මාසික වැටුප රුපියල් එක්ලක්ෂ පනස්දහසක් ලැබු පුද්ගලයෙකු මීට පෙර ගෙවිය යුතු බදු මුදල රුපියල් 3500ක් වූ අතර රජයේ නව බදු සංශෝධනයට අනුව එම වැටුප සදහා කිසිදු බදු මුදලක් අය කරන්නේ නැහැ.
එමෙන්ම රුපියල් ලක්ෂ දෙකක වැටුපක් සදහා පෙර පැවති ක්‍රමවේදය අනුව රුපියල් දසදහස් පන්සියක බදු මුදලක් අය කළ අතර නව ක්‍රමවේදය යටතේ එම මුදල රුපියල් 3000 දක්වා අඩු වේ.
රුපියල් දෙලක්ෂ පනස්දහසක වැටුපක් සදහා පෙර පැවති බදු මුදල රුපියල් 21000කි.
නමුත් නව සංශෝධනයට අනුව එම වැටුපට අයවන බදු මුදල වන්නේ රුපියල් 8000ක් පමණි.
රුපියල් ලක්ෂ 3ක වැටුපක් ලබන පුද්ගලයෙකු මීට පෙර උපයන විට ගෙවු බදු මුදල රුපියල් 35,000ක් වූ අතර වර්තමානයේ ගෙවිය යුතු බදු මුදල රුපියල් 18,500කි.
රුපියල් ලක්ෂ 4 ක වැටුපක් වෙනුවෙන් මීට පෙර ගෙවු බදු මුදල රුපියල් 70,500ක් වන අතර නව ක්‍රමවේදය යටතේ එය රුපියල් 50000 දක්වා අඩු වනවා.
0 Comments