එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ‘A’ කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) අයර්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය ‘A’ කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 192ක් පමණි.
පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුශංක කඩුලු 4ක් සහ දුෂාන් හේමන්ත කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම පන්දුවාර 27යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 193ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.
එහිදී නායක සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 50ක් සහ ලසිත් ක්‍රොස්පුල්ලේ ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා.
0 Comments