සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා ශ්‍රී ලංකා පොලිසිය විසින් වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.
එමඟින් බැතිමතුන්ට, දළදා මාලිගයට ප්‍රවේශ වීමට පහසුකම් සලසා ඇති පෝලිම් වල කෙළවර ඇති තැන දැන ගැනීමට පහසුකම් සලසා තිබේ.
එමෙන්ම වාහන නැවතීමට ඉඩ කඩ ඇති ස්ථානර්, වැසිකිලි පහසුකම් සලසා ඇති ස්ථාන, තේවාවන් පැවැත්වෙන වේලාවන් ආදී තොරතුරු රැසක් දැන ගැනීමට හැකියි.
සියලුම තොරතුරු ඇතුළත් මූලික වෙබ් අඩවිය – daladadekma.police.lk
පෝලිම් පිළිබඳ විස්තර – daladadekma.police.lk/roads
වැසිකලි පහසුකම් සලසා ඇතිි ස්ථාන – daladadekma.police.lk/publiclocation
වාහන නැවතීමට පහසුකම් ඇති ස්ථාන – daladadekma.police.lk/park
0 Comments