වී මිල සම්බන්ධයෙන් ගැටළුවක් කිසි දිනක යළි මතු නොවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
රජය විසින් වී මිලදී ගැනීම සඳහා රජයේ ගබඩා ප්‍රතිසංස්කරණය කර රුපියල් කෝටි පන්සියයක්ද ඊට වෙන්කර තිබූ බවත් හෙතෙම කියා සිටියි.
වී මිල පහළ ගියහොත් රජය මිලදී ගන්නා බවත් ඉහළ ගියහොත් ව්‍යාපාරිකයන් ගනු ඇති බවද හෙතෙම පැවසීය.
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
“අපි ලෑස්ති වුණා, ගබඩා මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ගබඩා අපි ප්‍රතිසංස්කරණය කළා. මිලදී ගන්න වැඩපිළිවෙළ හැදුවා, ඒ කඩා වැටුණු ගබඩා ප්‍රතිසංස්කරණය කරන්න සල්ලි වෙන් කළා. ආරම්භක පියවරක් හැටියට වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට කෝටි 500ක් දුන්නා, සතොස තවත් වී මිලදී ගන්න සැලැස්ම හැදුවා.
අපි කියුවා මීට වඩා අඩුවට දෙනවානම් අපිට දෙන්න ඊට වඩා වැඩියෙන් දෙනවානම් කමක් නෑ හැබැයි හාල් වැඩියෙන් දෙන්න බෑ. ඒකටත් අපි දාලා තියෙන්නේ පාලන මිලක්.
අඩුවට යන හැම වී ඇටයක්ම ආණ්ඩුව මිලදී ගන්නවා. තවදුරටත් ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න විකුණගන්න බැහැ කියලා අස්වැන්න කුණු කොල්ලයට ගියා කියලා හඬ වැටෙන්න අවශ්‍ය නෑ ආණ්ඩුව ලෑස්තියි මිල ස්ථාවර කර ගැනීම සඳහා මැදිහත් වෙන්න.
වී මිල බැස්සොත් අපි ගන්නවා. ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි. ආණ්ඩුව අරන් ගොඩගහගන්න ඕන කමක් නෑ. අපිට ඕනේ ගොවියාට සාධාරණ මිලකට වී මිල ස්ථාවරව තියන්න. ඒ සැලැස්ම සාර්ථක වෙලා තියෙන්නේ. ආයේ කවදාකවත් තමන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන් අපි ඉඩ දෙන්නේ නෑ…”
0 Comments