මතුගම පොලිස් වසමේ දොලහේන ප්‍රදේශයේ ගෙල කපා ඝාතනය කරන ලද කාන්තා මෘත ශරීරයක් ගෙනවිත් දමා ඇති බවට මතුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 33 ක් වූ මර්වින් සමරනායක මාවත, අඟලවත්තප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන අතර ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරු හදුනාගෙන ඇති අතර ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු නාගොඩ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.
0 Comments