සිය මංගල අයි.පී.එල් තරගයේදී තම පළමු අයි.පී.එල් කඩුල්ල දවා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සමත් වුණා.
කොල්කටාහීදී ආරම්භ වූ තරගාවලියේ 15 වැනි තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි ඔහු සිය මංගල අයි.පී.එල් කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.
තරගයේ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලෙස Angkrish Raghuvanshi දවා ගනිමින් කමිදු අයි.පී.එල් කඩුලුලාභීන් අතරට එක් දැවී යන විට Angkrish Raghuvanshi පන්දු 32 කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 50 ක්.
කමිදු යොමු කළ පළමු පන්දුවාරයේදීමයි ඔහු එම කඩුල්ල දවා ගත්තේ. කමිදු මෙම තරගයේදී එම පන්දුවාරය පමණක් යොමු කළ අතර, එහිදී ඔහු ලකුණු 4 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.වුණා.
Left 👉 Right
— IndianPremierLeague (@IPL) April 3, 2025
Right 👉 Left
Confused? 🤔
That's what Kamindu Mendis causes in the minds of batters 😉
Updates ▶ https://t.co/jahSPzdeys#TATAIPL | #KKRvSRH | @SunRisers pic.twitter.com/IJH0N1c3kT
0 Comments