ඊයේ (4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 3ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කළා.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් Richa Ghosh ලකුණු 58ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූ සුගන්දිකා කුමාරි (3/44) හා චමරි අතපත්තු (3/43) කඩුලු 3 බැගින් බිඳ දැමීය.
ලකුණු 276ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකාරිනියෝ කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ අවසන් පන්දුවාරයේ දී (49.1) ලකුණු 278ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවරියන් වූ හර්ෂිතා සමරවික්‍රම (53) හා නිලක්ෂිකා සිල්වා (56) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ.
මෙවර වසර 7කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව විය.
අවසන්වරට ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පරාජය කර තිබුණේ 2018 වසරේදීය.
0 Comments