කෙසේ නමුත් සැකකරුගේ නමින් නැති ගිණුමේ භාවිතා කිරීමට සැකකරු ඔහුගේ අනුදැනුම ඇතිවම වෙනත් පාර්ශවයකට ඉඩ සලසා ඇතැයිද ඒ අනුව ඔහු මෙම අපරාධය කිරීමට අදාළ අනුබල දී ඇතැයි ද දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නයි ඉල්ලා සිටියහ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් තම සේමාදායකයා අල්ලස් කොමිසම විසින් මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන නමුත් ඔහු මෙම නඩුවේ සාක්කිකරුවකු විය යුතු යැයි පැවසීය.
අල්ලස් කොමිසමේ කැඳවීමක් හෝ නොමැතිව තම සේවා දායකයා ස්වේච්ඡාවෙන් අල්ලස්ගො කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දෙමින් මෙම ගිණුම පිළිබඳ සියලු විස්තර හෙළි කළේ යැයිද ගිණුමට අදාළ පාස්පොත බැංකු කාඩ් පත් ආදිය සියල්ල ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය සතුව බවත් ගිණුමට ලැබෙන මුදල් කවුරුන් විසින් දමන මුදල්ද යන්න පිළිබඳ තම සේවා දායකයාගේ දැනුවත්භාවයක් නැතැයිද කී නීතිඥවරයා මෙම සිද්ධියේ සාක්කිකරුවකු විය යුතු තම සේවා දායකයා ඇප මත මුදා හරින්නයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතියේ එදින වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.
– Lankadeepa
0 Comments