‘සති දෙකක් දුම්රිය නවත්වා මේක හදනවා.. බැරි අය අස්වෙන්න..’ – දුම්රිය රියදුරන්ට ඇමති දන්වයි..


දුම්රිය අවලංගු කිරීමේ කටයුත්ත පැහැදිලිවම සැලසුම් සහගත කඩාකප්පල්කාරී කටයුත්තක් යැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

එ් අනුව දුම්රිය ධාවනය සතියක් හෝ දෙකක් නවතා දමා හෝ මෙරට දුම්රිය සේවය හදන බවද ඔහු කියා සිටියේය.

දුම්රිය අවලංගු කිරීමට කටයුතු කල රියදුරන් කවුද යන්න නම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් කී ඔහු මේ පසුපස පැහැදිලිවම පරාජිත දේශපාලනයක් ඇති බවත් පැවසුවේය.

දුම්රිය අවලංගු වීමට හේතු අදාළ රියදුරන්ගෙන් අනිවාර්යෙන්ම විමසන බවද පැවසූ ඔහු නිවාඩු දැමීමට සම්බන්ධ නිදහසට කරුණු විමසා සිටින බවත් සඳහන් කළේය.

මෙතරම් රියදුරන් සංඛ්‍යාවක් අසනීප වීමට හැකියාවක් නැති බවත් ඒ සම්බන්ධයෙන් උපරිම ක්‍රියා මාර්ග ගණනා බවක් හෙතෙම කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

දුම්රිය සේවයේ අනිවාර්යෙන්ම නිවැරදි කළ යුතු දේවල් කිහිපයක් ඇති බවද පැවසූ ඔහු දින වකවානු සහිතව ඒවා ඉටු කළ යුතු බවද කියා සිටියේය.

එසේ කළ නොහැකි නම් වහා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඉවත්ව යන ලෙසද ඔහු දැනුම් දුන්නේය.

අද සහ ඊයේ ඇතිවී තිබෙන දුම්රිය රියදුරැ හිගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදය හා දුම්රිය ගමන් වාර අවලංගු කිරීම පිළිබඳව ඔහු මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.

Post a Comment

0 Comments