විදුලි ගාස්තුවල යම් මිල වැඩි කිරීමක් සිදුකිරීමට සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
එළැඹෙන ජූනි මාසයේ සිට මෙම මිල වැඩි කිරීම සිදුවනු ඇති බවත් එය කිසිසේත්ම පසුගිය දෙසැම්බර් මාසයේ තිබූ විදුලි බිලට වඩා වැඩි අගයක් නොගනු ඇති බවත් ඒ මහතා පැවසීය.
වසරකට දෙවතාවක් සිදුවන විදුලි මිල සංශෝධනය අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටී.
විදුලිබල මණ්ඩලය ඇති බිලියන 200ක ණය ප්රමාණය ප්රතිව්යුවගතකරණය කර ඇති බවත් එ් අනුව ඉන් කොටසක් විදුලි බිලට එකතු වනු ඇති වුවත් ඒ මහතා කියා සිටියේය.
සිරස රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
0 Comments