කොවිඩ් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් චක්‍රලේඛ 02ක්


කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන විවිධාකාරයේ තොරතුරු මත පදනම්ව ඉදිරියේදී සියළු කරුණු අඩංගු චක්‍රලේඛ දෙකක් කඩිනමින් නිකුත් කිරීමට අදාල අංශවලට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. 

ඉන් එක් චක්‍රලේඛයක් මහජනතාව ඉලක්ක කරගනිමින්ද අනෙක් චක්‍රලේඛය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉලක්ක කර ගනිමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ලේකම්වරයා සදහන් කළේ.

මේ වනවිට ආසියානු කලාපයේ ඉන්දියාව, තායිලන්තය ඇතුළු රටවල කොවිඩ් ව්‍යප්තියක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර අසල්වැසි ඉන්දියාවෙන් දින 10ක් තුළ කොවිඩ් ආසාදිතයින් 3000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ගෙවුණු පැය 24 තුළ පමණක් එරටින් නව ආසාදිතයින් 685ක් හමුවී ඇති අතර මරණ 04 ක් ද වාර්තා වී තිබුණා. 

මෙලෙස ආසියාවේ පැතිර යන කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් වෛරසයේ උප ප්‍රභේද දෙකක් මෙරටින් ද හඳුනාගත් අතර සෞඛ්‍ය අංශ සදහන් කළේ මෙම කොවිඩ් උපප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවයි.


Post a Comment

0 Comments