තවත් ප්‍රාදේශීය සභා 3ක බලය සජබය අල්ලයි.

 


පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි රත්නපුර අයගම ප්‍රාදේශීය සභාවේ සහ වව්නියාව චෙන්ගලචෙට්ටිකුලම් ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද (25) සමගි ජන බලවේගයට හැකි වුණා. 

රත්නපුර අයගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරයේදී එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ උපුල් පියසේන රත්නපුර අයගම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගත්තා. 

වව්නියාව චෙන්ගලචෙට්ටිකුලම් ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරයද අද පැවති අතර, එහි සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ටී. ඉම්තියස් එම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගත්තා.


Post a Comment

0 Comments