සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(21) නිමා වුණා.
ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 209 ක් ලබා සිටියේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 471 කට පිළිතුරු ලෙසයි.
ඔලී පෝප් නොදැවී ලකුණු 100 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, බෙන් ඩකට් ලකුණු 62 කට දැවී ගියා.
ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක ෂුබ්මන් ගිල් ලකුණු 147 ක් ද, රිෂාබ් පන්ට් ලකුණු 134 ක් ද රැස් කළා.
පන්ට් ලකුණු 99දී දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනුයි සිය ශතකය සම්පූර්ණ කළේ.
Rishab Pant completes his 7th Test hundred with One handed Six 🔥🔥#INDvsENG #RishabhPant pic.twitter.com/XnEaZDNz7H
0 Comments