බස් ගාස්තුව සියයට 2.5%කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර එහිදී මේ බව දැනුම්දී ඇත.
ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර මෙම හමුව සිදුවිය.
කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය විරෝධය පළකර තිබේ.
0 Comments