නවීන ලෝකයේ අභියෝගවලට මුහුණ දිය හැකි දරු පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය පවසනවා.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.
එහි එක් පියවරක් ලෙස සාම්ප්‍රදායික පෙළපොත් වෙනුවට වඩාත් යාවත්කාලීන වූ මොඩියුල ක්‍රමය පාසල් පද්ධතියට හඳුන්වා දීමට ද රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මෙම ප්‍රකාශය සිදු කළාය.
0 Comments