කොළඹ මහා නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා ගැනීම සදහා ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පවසනවා.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී කොළඹ මහනගර සභාවේ බලය තීරණය වනවා.
කොළඹ මහා නගර සභාවේ මංගල සභා වාරය අද දිනයේදී පැවැත්වීමට නියමිතයි.
එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පසුගියදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් බහුතර බලයක් දිනා ගැනීමට කිසිදු තනි පක්ෂයකට නොහැකි වීම මත තවමත් නගරාධිපති ධූරය පවතින්නේ හිස්වයි. ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ සභික ධුර 48ක් හිමි වූ අතර සමගි ජන බලවේගය සහ සෙසු පක්ෂ අතර සභික ධුර 64 ක් බෙදී ගියා.
පසුගිය දිනවල කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම පිළිබඳව ප්‍රධාන පක්ෂ අතරේ දැඩි තරගකාරීත්වයක් ද පැවතියා.
මේ අතර, පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 29 දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරියේදී ඊයේ දිවුරුම් දුන් අතර, මන්ත්‍රිවරියන් 11 දෙනෙකුද ඒ අතර සිටිනවා.
එමෙන්ම, ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රිවරුන් සහ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රිවරුන්ගේ හමුවක් ඊයේ කොළඹ දී පවත්වනු ලැබුවා.
0 Comments