කොලොන්නාවේ බලය මාලිමාවට! මාලිමාවට එක් වූ මරික්කාර්ගේ ගෝලයාට පොලිස් ආරක්ෂාව!


කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

අද (18) උදෑසන රැස්වූ කොළොන්නාව නගර සභාවට සභාපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ දී උණුසුම් තත්ත්වයක් ද හට ගැණුනි.

කොළොන්නාව නගර සභාවේ ආසන 19 න් 9 ක් ජාතික ජන බලවේගය සතුව තිබූ අතර, විපක්ෂයට ආසන 10 ක් හිමිව තිබුණි.

කෙසේ වෙතත්, රැස්වීමේදී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සභාවෙන් පිටව ගොස් ඇත.

මෙම තත්ත්වය හමුවේ, සමගි ජන බලවේගයේ වැඩිම මනාප ලබා සිටි සුසිල් කුමාර මහතා සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය පළ කර තිබේ.

ඒ අනුව, පැවති රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 10 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. උප සභාපති ධුරය සමන් සෙනෙවිරත්න මහතාට හිමි විය.

බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට සහාය දුන් සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පොලිස් ආරක්ෂාව මැද සභාවෙන් පිටව යනු දැක්නට ලැබින.

Post a Comment

0 Comments