කථානායකවරයාට එරෙහිව විපක්ෂයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්.


කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව විපක්ෂය පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා මහතා ඒ බව පැවසීය.

ඔහු එහිදී සඳහන් කළේ කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ඉරානය සහ ඊශ්‍රායලය අතර මතුව ඇති යුදමය තත්ත්වය තුළ ඊශ්‍රායලයේ වෙසෙන 20,000කට අධික ලාංකිකයින්ට මෙන්ම මෙරට තේ ඉරානයට අපනයනය කිරීමටත් බරපතල තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඒ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව විපක්ෂයේ සියලු පක්ෂවල අදහස වූ බවයි.

නමුත් ඒ සඳහා කථානායකවරයා අවස්ථාව නොදුන් බවත්, ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා නොදෙන්නේ නම් පාර්ලිමේන්තුවේ කටයුතුවලට විපක්ෂයේ මැදිහත් වීම පිළිබඳව බරපතල තීන්දුවක් ගැනීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය වූ බව එහි සඳහන්.

Post a Comment

0 Comments