ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඊයේ (17) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.
මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ තිබෙන බව අමාත්‍යවරයා පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“සමහර ප්‍රදේශවල ජනතාව කලබල වෙලා තෙල්පෝලිම්වල රැදෙන්න පටන් අරන් තියනවා.බලශක්ති අමාත්‍යංශයත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් මේ වන විට පැහැදිලිව කියලා තියනවා ඉදිරි මාස දෙකහමාර සඳහා අවශ්‍යකරන තෙල් තොග සංචිත රටතුල පවතිනවා. කිසිවකු බිය වියයුතු නැහැ.
මාස දෙකහමාරක් සහා බොරතෙල් මෙට්ට්‍රික් ටොන් එක් ලක්ෂහැට දහසක් ගබඩා කරලා තියනවා.මේ මස අඟවන විට සති දෙකකින් තවත් මෙට්ට්‍රික් ටොන් 90 දහසක් ලැබිමට නියමිතයි.දිගුකාලින ගිවිසුම් යටතේ තවත් බොරතෙල් නැව් හතරක් ඇනවුම් කරලා තිබෙනවා.ඔක්ටේන් 92 මෙක්ට්‍රික් ටොන් දෙලක්ෂ අනුහය දහස් දෙසියක්.ඔක්ටේන් 95 මෙක්ට්‍රික් ටොන් පන්දහසක් .ලංකා ඔටෝ ඩීසල් මෙක්ට්‍රික් ටොන් එක්ලක්ෂ අසුදහස් දෙසියපනහක්.ලංකා සුපර් ඩීසල් මෙක්ට්‍රික් ටොන් දහදාස් පන්සියක් ලෙස ඇනවුම් ලැබෙමින් පවතිනවා.පවතින තෙල් තොගය මාස දෙකහමාරකට ප්‍රමාණවත් වන අතරේ ඉදිරි කාලය තුල මෙම ඇනවුම් ලැබිමට නියමිතයි“
0 Comments