බාල බෙහෙත් ගෙන්වූ කෙහෙළිය රඹුක්වැල්ලට ලැබෙන දඬුවම ගැන සෞඛ්‍ය ඇමති කියන කතාව.


පවතින නීතිය ප්‍රමාණවත් නොමැති නම් නීති නිර්මාණය කර හෝ කෙහෙළිය ඇතුළු කණ්ඩායමට දඬුවම් ලබා දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කළුතර රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“කෙහෙළිය අමාත්‍යවරයාට එල්ලවෙන චෝදනාවට අදාළ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සහ තවත් ඖෂධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අංශ කිහිපයක් දියත් වුණා. අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරා

ඒක හින්ද තමයි මේ මේකේ කිසිම බෙහෙතක් නැහැ, ඖෂධයක් නැහැ, ඒකේ තිබුනේ සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් වෙනත් ද්‍රාවණයක් කියලා හෙළිදරව් වුණේ. ඉතින් මේවා ඇත්තටම ජාතික අපරාධ. මේවට රටේ නීති ප්‍රමාණවත් නැත්නම් අලුතෙන් නීති හදලා හරි දඬුවම් කරන්න ඕන.

මොකද මිනිස් ජීවිත විනාශ කරලා තිබෙන්නේ. එතකොට මේ මොකක්වත් නොදන්නා රෝගියාට මේ බෙහෙත් ලබා දීලා තියෙනවා සහ ඇත්තටම මේ ඖෂධය තියෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව විශ්වාස කරලා ඒ රෝගීන්ට මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විශේෂඥ වෛද්‍යවරු බෙහෙත් ලබා දීලා තියෙනවා.

ඉතින් මේ සියලු දෙනා රවට්ටලා තමයි කෙහෙළිය ඇමතිවරයා ඇතුළ ඒ කණ්ඩායම කටයුතු කරලා තිබෙන්නේ? අධිචෝදනා භාර දීලා දැන් ඒ කටයුතු සිදු වෙමින් පවතිනවා, අනිවාර්ය වශයෙන් දඬුවම් ලැබෙනවා.”

Post a Comment

0 Comments